2017 October 8

පළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය

  • පසුගිය සතියේ EUR/USD සඳහා විශේෂිත වූ අනාවැකියක් ප්‍රකාශ කිරීමට අපහසු වූ අතර විශේෂඥයන්ගේ මතය සම සමව බෙදී ගියේය. ඒ අනුව ඔවුන්ගෙන් සියයට 50 ක් යුගලයේ වර්ධනයටත් අනෙක් සියයට 50 යුගලයේ පහළයාම සඳහාත් සහය ලබා දුන්හ. එක්සත් ජනපද ශ්‍රම වෙලඳපොලේ සිකුරාදා දත්තයන් නිකුත් කිරීමෙන් පසු, වෙළඳපළ ප්‍රායෝගිකව අපේක්ෂා කිරීමෙහි දී ක්‍ෂය විය. කෙසේවෙතත්, මෙම යුගලය එයට සන්සුන්ව ප්‍රතිචාර දක්වන ලදී. මෙහි ප්‍රතිඵලයක් ලෙස මෙම යුගලය අගෝස්තු අගයට යළිත් සතිය අවසානයේදී පැමිණ 1.1733 හී දී අවසන් විය.
  • GBP/USD සඳහා වූ අනාවැකිය එලෙසම සඵල විය. පැය හතරේ කාලරාමුව මත ප්‍රවණතා දර්ශක, පැය හතරේ කාලරාමුව සහ දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණයන්හි මෙන්ම ප්‍රවීණයන්ගේ අතිමහත් බහුතරය අනාවැකි පළ කලේ මෙම යුගලයේ කඩාවැටීමක් ඇති වනු ඇති බවත් එය මධ්‍ය කාලීන නැගී එන මාර්ගයේ පහළ සීමාව දක්වා පහත වැටෙනු ඇති බවත්ය. ඉලක්කය ලෙස 1.3040 මට්ටම නම් කරන ලද අතර සිකුරාදා දිනයේ දී එම අගයට ලඟා විය. එමෙන්ම සතියක් තුල පොයින්ට් 375 ක් අහිමි විය.
  • USD/JPY. විශ්ලේෂකයින්ගෙන් 55% ක් මෙම යුගලයේ වැටීම අපේක්ෂා කළ අතර, ඉතිරි 45% ක ප්‍රමාණය යුගලයේ වර්ධනයක් බලාපොරොත්තු විය. නමුත් මෙම යුගලය, ඔවුන්ගෙන් කිසිවෙකුට සවන් නොදුන් අතර සතිය ආරම්භයේ පැවති අගයේම සතිය අවසානයේදීත් පැවතුණි, 112.65.
  • USD/CHF සඳහා වූ අනාවැකියේ දී ප්‍රකාශ වුයේ එය 0.9585-0.9770 අතර සිමාවේ පාර්ශවිය චලනයක් පෙන්නුම් කරනු ඇති බවයි. එය සතිය පුරාවටම දක්නට ලැබුණි. ඒ අතරවාරයේ යුගලය ඉහලට ගමන් කිරීමට ප්‍රයත්න දැරීය. සිකුරාදා වාර්තා වූ එක්සත් ජනපදයේ පුවත් ඉතා ප්‍රභල වූ නමුත් මෙම යුගලයට දැඩිව බලපෑම් කිරීමට තරම් එය අපොහොසත් විය. මෙම යුගලය සතිය අවසන් වන විට 0.9770-0.9780 කලාපයට නැවත පැමිණියේය.

 

ඉදිරි සතිය පිළිබඳ වෙළඳපොල සමාලෝචනය,    

ප්‍රධාන පෙළේ බැංකු හා තැරැව්කාර සමාගම් හා විශ්ලේෂකයින් ගණනාවක් , මෙන්ම තාක්ෂණික හා ප්‍රස්ථාරික විශ්ලේෂණ ක්‍රම රාශියක් පදනම් කොට සිදු කළ අනුමාන සාරාංශය පහතින් දැක්වේ.

  • EUR/USD. 'දකුණ සහ දකුණු දිශාවට පමණි' යන්න ප්‍රවීණයන්ගෙන් 85% ක්, ග්‍රැෆික් විශ්ලේෂණ, ප්‍රවණතා දර්ශක සහ දවසේ කාලරාමුව මත ඔස්කිලේටර්  මගින් පෙන්නුම් කරයි. එසේ පැවසීමෙන්, ඩොලරයේ බරපතල ශක්තිමත් භාවය අපේක්ෂා නොකෙරේ. 1.1660 ප්‍රධාන ආධාරක මට්ටම ලෙස හැඳින්වේ, ඊළඟ ආධාරක මට්ටම 1.1600 කලාපයේ වේ. මෙම වැටීමෙන් පසු, ග්‍රැෆික් විශ්ලේෂණයන් කියවීම අනුව, යුගලයේ ආපසු හැරීමක් පෙන්නුම් කරන අතර අගෝස්තු-සැප්තැම්බර් මාසයේ ඉහළ මට්ටමට නැවත පැමිණීම අපේක්ෂා කරයි. ප්‍රතිරෝධතා මට්ටම් 1.1835, 1.2035 වේ. අවසන් ඉලක්කය 1.2090 වේ.
    පැය හතරේ කාලරාමුවෙහි තාක්ෂණික විශ්ලේෂණයට අනුව, එහි කියවීම් අනුව, යුගලය 1.1700-1.1835 සීමාව තුළ පාර්ශවිය චලනයක දිගටම ගමන් කළ හැකිය. විද්වතුන් 15% ක් මෙම මතය සමග එකඟ වේ.
  • GBP/USD හි අනාගතය ගැන කතා කරමින්, විශ්ලේෂකයින්ගෙන් බහුතරය (55%), ග්‍රැෆික් විශ්ලේෂණය සහ 2/3 දර්ශක තවමත් දකුනු දෙස බලා සිටිති. ඔවුන්ගේ අදහස අනුව මෙම යුගලය තවමත් අවම මට්ටමට පැමිණ නැත. 1.2770 මට්ටමේ පිහිටා ඇත. ඉතිරි විද්වතුන්ට අනුව, මෙම යුගලය 1.3000-1.3045 දී ශක්තිමත් මධ්‍ය කාලීන ආධාරක බිඳ දැමීමට නොහැකි වනු ඇතැයි ඔවුන් විශ්වාස කරති. ඔවුන්ට අනුව පාර්ශවිය චලනයක් පෙන්නුම් කරනු ඇත. ප්‍රතිරෝධතා මට්ටම් 1.3125, 1.3150 සහ 1.3250 වේ. පැය හතරේ කාලරාමුව සහ දවසේ කාලරාමුව මත ඔස්කිලේටර් තුනෙන් එකක් පමණ මෙම තත්ත්වය සමඟ එකඟ වේ.
  • මෙම වසන්ත කාලයේ සිට USD/JPY, 108.00-114.50 දක්වා ගමන් කර ඇති අතර දැන් එය එහි ඉහළ මායිමට පැමිණෙමින් පවතියි. විශ්ලේෂකයින්ගෙන් 70% ක් පමණ මෙම මතය සමග එකඟ වන අතර, පැය හතරේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය හා දවසේ කාලරාමුව මත ප්‍රවණතා දර්ශක සහ ඔස්කිලේටර් 90% ක් ද එයට සහය දක්වයි. ආසන්නතම ප්‍රතිරෝධය 113.25 වේ. විකල්ප දෘෂ්ටි කෝණයකින් දකින විශේෂඥයින්ගෙන් 30% ක් සහ පැය හතරේ කාලරාමුව මත බොහොමයක් දර්ශකයන්ට අනුව, උතුරු දෙසට ඉහලට යාමට පෙර, යුගලය 111.75-112.00 කලාපයේ පහළ කොටස වෙත පැමිණිය හැකිය.

2017 ඔක්තෝම්බර් 09 - 13 දක්වා කාලසීමාවට EURUSD, GBPUSD, USDJPY සහ USDCHF හි වෙළෙඳපොළ විශ්ලේෂණය1

  • USD/CHF නුදුරු අනාගතය පිළිබඳ විශේෂඥයින්ගේ මතයන් සමානව බෙදී තිබේ: 50% ක් දෙනා මෙම යුගලය පහල වැටෙනු ඇතැයි බලාපොරොත්තු වන අතර 50% ක් දෙනා එය වර්ධනය වනු ඇතැයි බලාපොරොත්තු වේ. බොහෝ දර්ශක සහ ග්‍රැෆික් විශ්ලේෂණයන් කියවීමට අනුව, මෙම යුගලය විසින්  0.9770 අගයට නැවත ලගා වීමට පෙර, පෙර සතියේ දී 0.9835 ක මට්ටමට ළඟා වීමට උත්සාහ කරනු ඇත. යුගලය එය බිඳ දැමීමට උත්සාහ කරන අතර, සාර්ථක වුවහොත් 0.9685 මට්ටමට වැටෙනු ඇත.
    මධ්‍ය කාලීනව, මෙම යුගලය 0.9600 ක මට්ටමකට පහත වැවීමට හෝ සමහරවිට තවත් පොයින්ට් 100 ක් අඩු වනු ඇතැයි අපේක්ෂා කරන විශ්ලේෂකයින්ගෙන් සියයට 70 ක් දැනටමත් යුගලයේ පහල යාම සඳහා දැනටමත් සහය දක්වයි.

අවසානයේ, ප්‍රවණතා දිශාවන්ට බලපෑම් කළ හැකි සහ යුගල වල අස්ථාවරත්වය සඳහා බලපෑ හැකි ප්‍රධාන සිදුවීම් ගැන වචන කිහිපයක් සඳහන් කරමු. ඔක්තෝබර් 11 වන දින විවෘත වෙළඳපොළවල් පිළිබඳ එක්සත් ජනපද ෆෙඩරල් සංචිත ප්‍රඥප්තිය ප්‍රකාශයට පත් කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම වටී. එමෙන්ම ඔක්තෝබර් 13 සිකුරාදා එක්සත් ජනපදයේ පාරිභෝගික වෙළඳපොළ දත්ත ප්‍රසිද්ධ කිරීම පිළිබඳව අවධානය යොමු කිරීම ද වැදගත් වේ. ඊට අමතරව, යුරෝ කලාපය පිලිබඳව, ඔක්තෝබර් 11 වැනි බ්‍රහස්පතින්දා ECB සභාපති මරියෝ ඩ්‍රාගි ගේ කතාව ද වැදගත් වේ.

 

Roman Butko, NordFX


« වෙළෙඳපොළ විශ්ලේෂණ හා පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න