2017 October 4

අපි පළමුව උපදේශකවරුන් දෙදෙනෙකු පරීක්ෂා කරමු: MACD Sample සහ Moving Average. ඔවුන් සතු නිශ්චිත වාසිය වන්නේ මෙහි සංවර්ධකයා වන MetaQuotes Software Corp. , MT4 වේදිකාවේ සම්මත සංස්කරණයේ මෙය ඇතුළත් කර තිබීමයි. මෙයින් අදහස් වන්නේ අන්තර්ජාලය ඔස්සේ ඒවා සෙවීමට හෝ වෙනම ස්ථාපනය කිරීමට අවශ්‍ය නොවන බවයි. ඔබ විසින් කළ යුතු දේ නම්, 'Navigator' පුවරුව විවෘත කිරීමයි, එවිට මෙම රොබෝ උපදේශකයන් දැකගත හැකිය. (රූපය 1).

ප්‍රථමයෙන් MACD Sample ඇති නිසා, අපි එයින්ම ආරම්භ කරමු.

රූපය 1.

MACD Sample - අසීරු මට්ටම1

අදහස් සහ සමාලෝචනය:

  • "MACD මත පදනම් වූ වඩාත් ජනප්‍රිය හා ප්‍රචලිතම උපදේශකයෙක් ලෙස මෙය හැඳින්වේ. නිවැරදි සැකසුම් සමඟ භාවිතා කිරීම තුළින් සාර්ථක ගනුදෙනු සිදු කිරීමට ඔබට උපකාර කර ගත හැකිය"
  • ලැබුණා: සෑම දෙයක්ම ඍණාත්මක විය. විකල්පයන් අතලොස්සක් පමණක් ලාභදායී විය, නමුත් මෙම ලාභයත් සාපේක්ෂව අඩු විය"
  • "ආධුනික වෙළෙන්දාට පවා භාවිතා කළ හැකි සරල උපදේශකයෙක්. එහි තීරණ ගැනීමේදී ඉතා සරල සහ රේඛීය වුවද, එය ඉතා සැලකිය යුතු ලාභයක් ලබා දෙයි"
  • "උපදේශකයෙන් පාඩු ලබන්නට පටන් ගත්තා. අපට එය සකසා ගැනීමට අපහසු විය, එම නිසා අපගේ තැන්පතු මුදල් අපතේ ගියේය. MACD Sample බොහෝ වෙනසකට ලක් විය යුතුය!"

ඔබට පෙනෙන පරිදි සමාලෝචන සියල්ලම ඒකාකාර නොවේ: සැලකිය යුතු ලාභ වල සිට අලාභ දක්වා අදහස් පැතිරී ඇත. එබැවින් MACD Sample සැබවින්ම කුමක්දැයි තේරුම් ගැනීම සඳහා අපි අපගේම පරීක්ෂන පැවැත්විය යුතුය. එය ක්‍රියාත්මක වන්නේ කෙසේ දැයි මුලින්ම සලකා බලමු.

උපදේශකය පදනම් වී ඇත්තේ MACD දර්ශකය මත වන අතර, සියලු මෙටාට්‍රේඩර් පර්යන්තයන් හි පැවතීම ඉතා පහසු වේ (රූපය 2).

 

රූපය 2.

MACD Sample - අසීරු මට්ටම2

දර්ශක ජාල රේඛය ශුන්‍යයට වඩා පහළ මට්ටමක පවතින විට මිලදී ගැනීමේ ඇණවුම සිදුවනු ඇත, එමෙන්ම සංඥා රේඛාව පහළ සිට ඉහළට ගමන් කරයි.

මේ අතර, විකිණුම් ඇණවුම් සඳහා ජාල රේඛය ශුන්‍යයට වඩා අවශ්‍ය වේ, එමෙන් සංඥා රේඛාව ඉහළ සිට පහළට ගමන් කරයි.

Moving Average (MA) අතිරේක පෙරහනක් ලෙස භාවිතා කරන අතර, Moving Average ප්‍රවනතාවේ දිශාවෙහි උපදේශකයෙක් පමණක් ආරම්භක වෙළඳාම් සමඟ භාවිතා කරයි.

MACD Sample සැකසුම්, පැය හතරක කාල රාමුව තුළ, GBP/USD යුගලය සඳහා සංවර්ධකයා විසින් මුලිකවම නිර්මාණය කර ඇත. කෙසේවෙතත්, අපගේ ඓතිහාසික විශ්ලේෂනය, ප්‍රමාණවත් නොවන ප්‍රතිපල ලබා දී ඇත. 2015.01.01 දින සිට 2016.06.30 දින දක්වා වසර එකහමාරක කාල පරිච්ඡේදය තුළදී ලොට් 0.1 ක ලාභය 478 USD වන අතර උපරිම පහල යාම 1390USD වේ. වෙළඳාම් සංඛ්‍යාව සතුටුදායක නොවේ: සති 78 තුළ වෙළදාම් 78 ක් පමණක් ගනුදෙනු විය, එනම් සතියකට එක් වෙළදාමක් බැගින් (රූපය 3).

 

රූපය 3.

MACD Sample - අසීරු මට්ටම3

පැය එකෙහි කාල රාමුවෙහි පෙරනිමි සැකසුම් යටතේ GBP/USD සමග මදක් වඩා හොඳ ප්‍රතිඵල දක්නට ලැබිණි. ඇමරිකානු ඩොලර් 838 ක ලාභයක් සහ ඇමරිකානු ඩොලර් 637 ක උපරිම අලාභයක් වෙළදාම් 146 ක දී දැකගත හැකි විය. (රූපය 4).


රූපය 4.

MACD Sample - අසීරු මට්ටම4

M1, M5, M15, M30, H1 සහ H4 කාල රාමුවලදී GBP/USD සමග රොබෝ උපදේශකයක් පරීක්ෂා කිරීමට අමතරව, අපි EUR/USD සහ USD/JPY යුගලයේ උපදේශකයෙකු ලෙසද පරීක්ෂාවට ලක් කළෙමු.

EUR/USD සමග අර්ධය වසරක කාලයක් සඳහා හොඳම ප්‍රතිඵලය විනාඩියේ කාල රාමුවේ දී ලැබුණි: ඇමෙරිකානු ඩොලර් 1148 ක උපරිම ලාභයක් සහ අලාභය ඩොලර් 395 ක් වූ අතර එය ගනුදෙනු 91 ක් තුළ වාර්තා විය. (රූපය 5).


රූපය 5.

MACD Sample - අසීරු මට්ටම5

USD/JPY සඳහා එය සලකන විට, විශාලතම ලාභය M5 කාල රාමුව මත විය: ලාභය ඇමෙරිකානු ඩොලර් 1273 ක් වූ අතර ඩොලර් 8374 ක අලාභයක්  ගනුදෙනු 83 ක දී වාර්තා විය. (රූපය 6).


රූපය 6.

MACD Sample - අසීරු මට්ටම6

 

නිගමන:

ඉහත ප්‍රතිඵලවලින් පෙන්නුම් කරන්නේ, MACD Sample සමහර සැකසුම් සහ ඇතැම් මුදල් යුගල මත සුළු ලාභයක් ලබා ගත හැකි බවයි; කෙසේවෙතත්, අප දැක ඇති දේ නම් ස්ථාවර ලාභයෙන් බොහෝ දුරස් වී ඇති බවයි.

පෙනුමෙන් සරල බවක් තිබුණද, රොබෝ උපදේශකයා පිලිබඳ නිරන්තරයෙන් පරීක්ෂාකාරී විය යුතු අතර, එහි වෙළදාම් නිරන්තර නිරීක්ෂණයට ලක් කළ යුතු විය. එපමණක්ද නොව, එය සම්පුර්ණ කරන ලද ගණුදෙණු ගණන (සතියකට එකක් හෝ දෙකක් පමණ) යන්නෙන් අදහස් වන්නේ අනාගතයේදී එවැනි සමාන ප්‍රතිඵල නිරීක්ෂණය කිරීම අපහසු බවය.

සමහර මූලාශ්‍ර, MACD Sample පුහුණු අරමුණු සඳහා භාවිතා කිරීමට යෝජනා කරයි. කෙසේවෙතත්, අපි එය එසේ කිරීමට නිර්දේශ කරන්නේ නැත. පරික්ෂා කරන බොහෝ ඍණාත්මක ප්‍රතිපල නිසා සමස්තයක් වශයෙන් මේ රොබෝ උපදේශකය පිළිබඳ සැක සහිත මතයක් ආධුනික වෙළෙන්දාටඇති විය හැකිය. මේ නිසා, වඩා ලාභදායී හා වඩා ස්ථාවර උපදේශකයන් භාවිතා කිරීමට ඉගෙන ගැනීම වඩා හොඳය.

 

අපගේ ශ්‍රේණිගත කිරීම*

MACD Sample - අසීරු මට්ටම7 

*- මෙම ශ්‍රේණිගත කිරීම අප විසින් සිදු කරනු ලබන පරීක්ෂණ මත පදනම්ව, අපගේ මතය නියෝජනය කරයි. විවිධ මුදල් යුගල මත උපදේශකයෙකු පරීක්ෂා කිරීම සහ විවිධ සැකසුම් භාවිතා කිරීමෙන් සැලකිය යුතු තරම් ප්‍රතිඵල ලබා ගත හැකිය යන්න බැහැර කළ නොහැකිය.

 
ඊළඟ ලිපියෙන් MT4 මත ස්ථාපිත දෙවන දර්ශකයේ (Moving Average) අපගේ පරීක්ෂණයන්හි ප්‍රතිඵල සාකච්ඡා කරනු ඇත.


« Forex රොබෝ උපදේශකයන් පරීක්ෂා කිරීම
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න