2017 September 17

පළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය

  • EUR/USD.  විශේෂඥයින්ගෙන් 40% ක් සහ පැය හතරේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය මගින් එම යුගලය 1.1885-1.2070 පරාසය තුළ පාර්ශ්වීය ප්‍රවණතාවයක් අපේක්ෂා කරන බව පසුගිය සතියේදී සඳහන් කළෙමු. ඒ සමගම, දවසේ කාලරාමුව මත ඔස්කිලේටර් මගින් සතියේ ආරම්භයේ දී ඇතිවිය හැකි වැටීම පෙන්නුම් කරන ලදී. එය මෙසේ සිදු විය, සැප්තැම්බර් 13 වන බදාදා සන්ධ්‍යාවේ මෙම යුගලය පහළ මායිම ළඟට පැමිණ තිබේ, බ්‍රහස්පතින්දා, එය හරහා බිඳ දැමීමට උත්සාහයක් ගත්තේය. කෙසේ වෙතත්, පහත බැස්ම දැනටමත් අඩුවී ඇති අතර, පැයකට පමණ පසු, පාර්ශවිය සිමාවේ මධ්‍යම රේඛා මට්ටම වූ 1.1960 අසල සතිය සම්පුර්ණ කරන ලදී.
  • ප්‍රවීණයන්ගෙන් 30% ක්, ප්‍රවණතා දර්ශක 100%, දවසේ කාලරාමුව සහ 80% ක් සඳහා රූපමය විශ්ලේෂණය පසුගිය සතියේ GBP/USD හි වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කළහ. 1.3440 ඉහලම ඉලක්කය ලෙස නම් කරන ලදී. කෙසේ වෙතත් සැප්තැම්බර් 14 බ්‍රහස්පතින්දා එංගලන්ත බැංකුවෙ හි, කාර්තුවේ වාර්තාව සහ එංගලන්ත බැංකුවේ එම්.පී.සී. හි ඊළඟ රැස්වීමේදී මූලික අනුපාතය ඉහළ දැමීම සඳහා මුදල් ප්‍රතිපත්ති කමිටුවේ සාමාජිකයෙකු වන ගර්ට්ජන් වීලෙහ්ග් ගේ කතාවෙන් පසු, මෙම යුගලයේ වර්ධනයට අමතර උඩු තල්ලුවක් ලැබිණි. ඒ අනුව පොයින්ට් 450 කින් ඉහළ නැගුණු එය 1.3600 මට්ටමට ලඟා විය
  • USD/JPY. බ්‍රිතාන්ය පවුම ඩොලරයට සාපේක්ෂව කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කළ අතර, ජපන් යෙන් ඊට අනුරූපව පහළ වැටීම කැපීපෙනුනි. ජපාන ආර්ථිකයේ නැගී එන ධනේශ්වර ප්‍රවනතා සිය කොටස් වෙලඳපොලෙහි වර්ධනයට දායක වූ නමුත්, ඒ සමගාමීව 'යෙන්' පීඩනයට පත් විය. එක්සත් ජනපද ෆෙඩරල් සංචිතයෙන් QE (ප්‍රමානාත්මක ලිහිල් කිරීම්) සහ අඩු විශ්වසනීය එහෙත් වඩා ලාභදායී අය සඳහා විශ්වසනීය නමුත් ලාභ නොලබන වත්කම්වල ප්‍රවාහය ජපාන මුදල් වලට එරෙහිව කටයුතු කර ඇති අතර එමගින් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව පොයින්ට් 350 ට වැඩි ප්‍රමාණයක් ජපාන මුදල් අඩු වී ඇත.
  • විද්වතුන්ගෙන් 10% ක්, ඔස්කිලේටර් 20% ක් සහ දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය මගින් USD/CHF වර්ධනය පිලිබිබු වූ අතර ගණනය කල පරිදි එහි පහළට ළඟාවී ඇති අතර එය දැන් 0.9620 දක්වා වැඩිවනු ඇති බව ප්‍රකාශ විය. පසුගිය සතියේදී මෙම යුගලය එකවර ක්‍ෂණිකව ඉහළ ගොස් අපේක්ෂාවන් ඉක්මවා 0.9700 ක උසකින් යුක්ත විය. ඉන් පසු, එය පොයින්ට් 100 ක් ආපසු හැරී 0.9600 ක ප්‍රබල සහායක/ප්‍රතිරෝධක කලාපයක දී සතිය නිමාවට පත්විය.

 

ඉදිරි සතිය පිළිබඳ වෙළඳපොල සමාලෝචනය,    

ප්‍රධාන පෙළේ බැංකු හා තැරැව්කාර සමාගම් හා විශ්ලේෂකයින් ගණනාවක් , මෙන්ම තාක්ෂණික හා ප්‍රස්ථාරික විශ්ලේෂණ ක්‍රම රාශියක් පදනම් කොට සිදු කළ අනුමාන සාරාංශය පහතින් දැක්වේ .

  • EUR/USD. පසුගිය සතියේ දී වර්ධනයක් පෙන්වීමෙන් පසු, විද්වතුන් ව්‍යාකූල තත්වයකට පත්ව ඇත: ඔවුන්ගෙන් 40% ක් යුගලයේ වර්ධනයට සහය දක්වන අතර, 40% ක් එහි වැටීමත් සහ 20% පාර්ශවිය චලනයත් අපේක්ෂා කරයි. දර්ශක මගින් ද පැහැදිලි අනාවැකියක් පළ කර නොමැත. පැය හතරේ කාලරාමුව සහ දවසේ කාලරාමුව යන දෙකෙහිම ග්‍රැෆික් විශ්ලේෂණය උතුරු දිශාවකින් නිරපේක්ෂ වශයෙන් දක්වා ඇති එකම අනාවැකිය වේ. ප්‍රතිරෝධතා මට්ටම් 1.1985, 1.2075 සහ 1.2165 වන අතර ආධාරක මට්ටම් 1.1915 සහ 1.1825 වේ.
    එක්සත් ජනපදයේ ෆෙඩරල් රිසර්ව් විසින් සැප්තැම්බර් 20 බදාදා ප්‍රකාශ කිරීමට නියමිත තීරණ සහ ප්‍රක්ශේපණයන් විසින් යම් තරමකට ඩොලරය සහ සබැඳි යුගලයන්ට යම් තරමක බලපෑමක් ඇති කළ හැකිය.
  • GBP/USD හි අනාගතය ගැන පවසන විට, බොහෝ විද්වතුන් (65%), ග්‍රැෆික් විශ්ලේෂණයෙන් සහ ඔස්කිලේට්ර් 40% ක ප්‍රමාණයක් යුගලය 1.3500 දක්වා පහත බසිනු ඇතැයි අපේක්ෂා කරති. එය බිඳහෙලියහොත් ඊළඟ ආධාරක වනුයේ 1.3440 සහ 1.3385 වේ.
    විශ්ලේෂකයින්ගෙන් 35% ක්, දිශා දර්ශක 100% ක් සහ ඔස්කිලේටර්  60% ක් නියෝජනය වන විකල්ප දෘෂ්ටි කෝණයකට අනුව යුගලය 1.3665 දක්වා ඉහළ යනු ඇති අතර ඉන් පසුව තවත් යුගල 100 ක් වැඩි වනු ඇත. ඒ අනුව අවසාන ඉලක්කය 1.4000 වෙයි.
  • USD/JPY. මෙම යුගල සඳහා වන අනාවැකිය, පහල බැසීම සඳහා සුළු වාසියක් ඇති වන ආංශික ප්‍රවණතාවයකි විශ්ලේෂකයින්ගෙන් 85% ක් පමණ මේ තත්ත්වය සඳහා සහය පල කරති. උපකාරක මට්ටම් 109.55 සහ 108.85; ප්‍රතිරෝධතා මට්ටම් 111.00 සහ 111.30 වේ.
    ප්‍රවීණයන්ගෙන් සුළු පිරිසක් (15% ක් පමණ) සහ දර්ශකයන්ගේ බහුතරය (90% ක් පමණ) යුගලයේ වර්ධනය අපේක්ෂා කරති. මෙම යුගලය මාධ්‍ය කාලින පාර්ශවිය සිමාවේ මායිම්වලට නැවත පැමිනෙනු ඇති බව ඔවුන් විශ්වාස කරති. මෙම අවස්ථාවෙහිදී, යුගලයේ කෙටි කාලීන ඉලක්කය වන්නේ 111.00-112.20 කලාපයයි. මධ්‍ය කාලීන ඉලක්කය වන්නේ 114.50 වේ.
    එමෙන්ම, සැප්තැම්බර් 21 වන බ්‍රහස්පතින්දා අනුපාත තීරණයක් අපේක්ෂා කරනු ලබන 'ජපන් බැංකු' මාධ්‍ය සාකච්ඡාව අමතක නොකළ යුතුය.

2017 සැප්තැම්බර් 18 - 22 දක්වා කාලසීමාවට  EURUSD, GBPUSD, USDJPY සහ USDCHF හි වෙළෙඳපොළ විශ්ලේෂණය1

  • "දකුණ සහ දකුණ පමණි" පසුගිය සතියේ USD/CHF ට අදාලව අනාවැකිය විය. මේ සතියේ ද අනාවැකිය එලෙසම පවතිනු ඇත. විශ්ලේෂකයින්ගෙන් 75% ක් සහ පැය හතරේ කාලරාමුවහි දර්ශක මගින් මෙම යුගල නැවතත් 0.9415 ට ලගා වනු ඇතැයි අපේක්ෂා කරති.
    මේ අතර, විශේෂඥයින් 10% ක් සහ දවසේ කාලරාමුව මත දර්ශක පාර්ශවිය ප්‍රවණතාවයකට සහය දක්වයි.
    විශ්ලේෂකයින්ගෙන් 15% ක් සහ පැය හතරේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය මගින් මෙම යුගලයේ වර්ධනයට සහාය වේ. ඔවුන්ගේ මතයට අනුව, පළමුවෙන් 0.9765 ක් දක්වාත් පසුව 0.9845 දක්වාත් යුගලය වර්ධනය විය යුතුය.

 

Roman Butko, NordFX


« වෙළෙඳපොළ විශ්ලේෂණ හා පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න