2017 August 20

පළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය

  • EUR/USD. විශේෂඥයින්ගෙන් සියයට 35 ක් පමණක් යුගලය පහත වැටෙන බව අනුමාන කළහ. කෙසේ වෙතත්, දවසේ කාල රාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය එම අනුමානය සමගින් එකඟ විය. 1.1685 හි සහයෝගය ලැබුනේ ආසන්නතම ඉලක්කය ලෙසය: එය අඟහරුවාදා මැද භාගයේ දී සිදු විය. ඉන් පසු, මෙම යුගලය මෙකී අගය බිඳ හෙලීමට කිහිපවරක් උත්සහ කළ අතර එය පොයින්ට් 25 දක්වා අඩු කිරීමට සමත් විය. මෙය සැබෑ බිඳහෙලීමක් නොවේ, කෙසේ වෙතත්, යුගල 1.1755 කලාපයේ පසුගිය සති දෙකේම තිරස් ලක්ෂය වෙත ආපසු හැරී ගියේය. එම නිසා සතියේ පහත වැටීම පොයින්ට් 70 ක් පමණ විය.
  • GBP/USD. විශ්ලේෂකයින්ගෙන් සියයට 45 ක් පසුගිය සතියේ මෙම යුගලයේ බිඳ වැටීම සඳහා සහය ලබා දුන්හ. මධ්‍ය කාලීනව, ඔවුන්ගෙන් 65% ක් යුගලයේ පහත යාම අපේක්ෂා කළහ. එහිදී, පහත යාම හීන වූ අතර, එය 1.2875 සමගින් පාර්ශවිය දිශානතියකින් ආරම්භ කර ආසන්න වශයෙන් සතිය අවසන් විය.
  • පැය හතරේ කාලරාමුවේ සහ දවසේ කාල රාමුවේදී අනතුරු ඇඟවූයේ USD/JPY යුගලයේ විකිණීම් වැඩිවිය හැකි බවයි. ග්‍රැෆික් විශ්ලේෂණය ද නිවැරදි කිරීමක් බලාපොරොත්තු විය. එම තත්වයට පැමිණීම සැබැවින්ම සිදුවිය: සතියේ මැද භාගයේ දී 110.94 ක උසකින් යුගලය යුක්ත විය, ඉන් පසු එය තියුණු ලෙස වෙනස් වූ අතර සතියේ ආරම්භයේ අගයන්ට ආපසු හැරී ගියේය. මෙහි ප්‍රතිඵලයක් ලෙස සතිපතා රූප සටහන සමබර කලාප ත්‍රිකෝණයක් ලෙස පෙනේ. එහි ආධාරක කලාපය 108.90-109.20 වේ.
  • එලෙස සමාන ත්‍රිකෝණයක් USD/CHF සටහනේ දක්නට ලැබේ. USD/JPY හි දී මෙන්, එම දර්ශකයන් සංඥා කරන ලද්දේ විකුණුම් ඉහල යනු ඇති බවයි. එක් සිදුවීමකට අනුව 0.9700 දක්වා ඉහල යනු ඇති බවත් එය බිඳ හෙලියහොත් තවත් පොයින්ට් 70ක් ඉහල යනු ඇති බවත් දැක්විය. එකී අනාවැකිය එලෙසටම සිදු වුනු අතර 0.9765 අගයට ලගාවීමට මෙම යුගලයට හැකිවිය. පසුව 2008 මාර්තු මාසයෙන් පසු ප්‍රථම වරට 0.9650 ක ශක්තිමත් ආධාරක/ප්‍රතිරෝධී කලාපයක් අසල සතිය අවසන් කිරීමට දකුණු දෙසට යුගලය ගමන් කළේය.

 

ඉදිරි සතිය පිළිබඳ වෙළඳපොල සමාලෝචනය,    

ප්‍රධාන පෙළේ බැංකු හා තැරැව්කාර සමාගම් හා විශ්ලේෂකයින් ගණනාවක් , මෙන්ම තාක්ෂණික හා ප්‍රස්ථාරික විශ්ලේෂණ ක්‍රම රාශියක් පදනම් කොට සිදු කළ අනුමාන සාරාංශය පහතින් දැක්වේ.

  • EUR/USD. පසුගිය සතියේ මෙන් බොහෝ විද්වතුන් (60%) උතුරු දෙසටත්, ඉතිරි 40% ක ගේ සහය යුගලයේ පහත යාමත් අපේක්ෂා කරති. පැය හතරේ කාලරාමුව සහ දවසේ කාලරාමුව යන දෙකම මත දර්ශකයන් සමඟ ඇති බලවේග සමාන ලෙස බලපායි. ආධාරක මට්ටම් 1.1685, 1.1600 සහ 1.1475 වේ. ප්‍රතිරෝධතා මට්ටම් 1.1845, 1.1910, 1.2010 වේ. දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණයට අනුව, එහි කියවීම් වලට අනුව, යුගල මුලින්ම පහතට යන සිමාවේ චලනය වේ. ඉන්පසු, 1.1610 මට්ටමේ පහළට පැමිණි විට එය ආපසු හැරී නැවත උතුරු දෙසට ගමන් කරනු ඇත.
  • GBP/USD යුගලයේ අනාගතය පිළිබඳ අදහස් දක්වන්නේ නම්, විශ්ලේෂකයින්ගෙන් 55% ක්, දර්ශකවල බහුතරයක් (80%) සහ දවසේ කාලරාමුව හි චිත්‍රක විශ්ලේෂණයන්ගෙන් අපේක්ෂා කරනුයේ 1.2760 ක් දක්වා යුගලය පහත වැටෙනු ඇති බවයි. විකල්ප දෘෂ්ටි කෝණයක් දක්වන විශේෂඥයින්ගෙන් 45% ක් සහ පැය හතරේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය මගින් මෙම යුගල සතියේ මුල සිටම ඉහල යන බවත් 1.2840 ක ආධාර මත පදනම්ව කටයුතු කරනු ඇති බවත් අපේක්ෂා කරයි. ආසන්නතම ඉලක්ක වන්නේ 1.2950 1.3025 සහ 1.3125 වෙයි.
  • USD/JPY සඳහා, 2017 අප්‍රේල් මාසයේ අවම අගය වූ (108.12) දක්වා ළඟා වීමට පෙර (ඉහල සම්භාවිතාවක් ඇත), 108.80-110.30 පරාසය තුල උච්චාවචනය වන අතර, යම් කාලසීමාවක්  සමාන්තරව ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරයි. විශ්ලේෂකයින්ගෙන් 40% ක් සහ පැය හතරේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය ආසන්න වශයෙන් මෙම මතය සමඟ එකඟ වේ. දර්ශකයන් සඳහා; ඔවුන්ගෙන් 95% ක් මෙන්ම විශේෂඥයින්ගෙන් 35% ක්ද, යුගලයේ වේගවත්ව පහත වැටෙනු ඇතැයි දිගින් දිගටම අවධාරනය කරති. ඉලක්කය වන්නේ 108.00 කි.
    මේ වන විට 112.00 ක් හා ඊට ඉහළින් යුගලය වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන්නේ විශ්ලේෂකයින්ගෙන් 25% ක් පමණි. කෙසේවෙතත්, අපි මධ්‍ය කාලීන අනාවැකි විමසන්නේ නම්, ඔවුන්ගේ සංඛ්යාව 75% දක්වා ඉහළ යයි.
  • අපගේ සමාලෝචනයේ අවසාන යුගලය වන්නේ USD/CHF වේ. ප්‍රවීණයන්ගෙන් 60% ක ප්‍රමාණයක් මෙම යුගලය තවමත් 0.9440-0.9500 දක්වා පහත වැටීම අපේක්ෂා කරන අතර දර්ශකයන්ගෙන් අතිවිශාල බහුතරයක් (85%) ක් මෙම මතය එකඟ වේ. විශ්ලේෂකයින්ගේ ඉතිරි 40%, පැය හතරේ කාලරාමුව සහ දවසේ කාලරාමුව මත චිත්‍රක විශ්ලේෂණයන් සමඟ, යුගල වැටීම වැලැක්වීම සඳහා මෙම යුගලයට මුලින්ම 0.9765 දී ප්‍රතිරෝධය දැක්විය යුතු බව විශ්වාස කරති.

2017 අගෝස්තු 21 - 25 දක්වා කාලසීමාවට  EURUSD, GBPUSD, USDJPY සහ USDCHF හි වෙළෙඳපොළ විශ්ලේෂණය1

 

Roman Butko, NordFX


« වෙළෙඳපොළ විශ්ලේෂණ හා පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න